ජනපති මෛත්‍රීට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම එළැඹෙන දෙසැම්බර් 10 දා තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ මරණ දඬුවමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් අද දිනයේදීත් විභාගයට ගැනීමෙන් අනතුරුවය.
මේ අනුව සිය ජනපතිධුර කාලසීමාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සැලසුම ක්‍රියාත්මක කිරීමටද අවස්ථාව අහිමි වෙයි.
මන්ද යත් නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනපතිවරණයෙන් අනතුරුව ඔහු සිය ධුරයට සමුදෙන හෙයිනි.
පසුගියදා කොළඹදී පැවැති උත්සවයකදීද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ තමා විශ්‍රාම යාමට ප්‍රථමව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව තීන්දුවක් දෙන්නේ නම් එය ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවයි.

popular news
-
Dayan Tuesday, 29 October 2019 01:34 PM
හොඳ තීරණයක්.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 29 October 2019 03:52 PM
ෙමන්න ජනාධිපතිවරණෙය් සැබෑම ජයග්‍රාහකයෝ.
Reply : 0 0
Samare Tuesday, 29 October 2019 09:40 PM
මෙයාට මොනවද කරන්න පුළුවන් උනේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

