ජනපති නොමැතිව කැබිනට් රැස්වීම් නෑ
ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් මණ්ඩලය රැස්නොවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ කැබිනට් අමාත්‍යවරුන් තීරණය කර ඇති බව 'අද' පුවත්පතට වාර්තාවේ.
කැබිනට් මණ්ඩලය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවසන් තීරණය කුමක්දැයි දැනගන්නාතුරු මෙලෙස කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් මණ්ඩලය රැස්කිරීමේ බලය අගමැතිවරයා සතුව තිබුණද 2015න් පසුව යහපාලන ආණ්ඩුවලෙසත්, පසුව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ලෙසත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පැවැත්වීය.
එබැවින් ජනාධිපතිවරයාගේ ධුරකාලයේ අවසන් මාස කිහිපයද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පැවැත්වීම වැදගත් බවද ආණ්ඩුපක්ෂය සාකච්ඡා කර ඇත.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ධුරකාලසීමාවේදී (2001 – 2004) රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති අතර, එහිදී චන්ද්‍රිකා ජනාධිපතිනිය නොමැතිව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පැවැත්වූ බවත්,ඒහේතුවෙන් මේ අවස්ථාවේදීද ජනාධිපතිවරයා නොමැතිව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්කිරීමට හැකියාව ඇති බව නීති ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර ඇති අතර, ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් රැස්වීම පැවැත්වීම මේ අවස්ථාවේදී නොකළ යුතු බව එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.
එසේම පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට හා මියගිය පවුල්වල ඥාතීන්ට වන්දි ලබාදීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවත්, ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සිදුකළ යුතුව ඇති බැවින්ද ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලය රැස්විය යුතු බවද කැබිනට් අමාත්‍යවරුන් දැනුම්දී ඇති බවත් වාර්තාවේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කමිටුවට බුද්ධි අංශ හා පොලිස් නිලධාරීන් කැඳවීම නවතන ලෙසත්, එසේ නොවුනහොත් තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බවට ජනාධිපතිවරයා කළ දැනුම් දීම මත පෙරේදා(11දා) දින කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්විණි.
කැබිනට් මණ්ඩල රැස්වීම වෙනුවෙන් ජනාධිපතිවරයා මේ සතියේ දින වෙන් කර නොමැති අතර, ඒ වෙනුවෙන් නැවත දැනුම්දීමක්ද සිදුකර නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කැබිනට් ආමත්‍යවරු සඳහන් කළහ.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පෙරේදා(11දා) දිනයේදී රැස්වුණු අතර, යළි එම කාරක සභාව අද(13දා) දිනයේද රුස්වීමට නියමිතය.
එමෙන්ම මෙම විශේෂ කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද එම සභාව තීරණය කර ඇති අතර, කාරක සභාවේ සාමාජිකයන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමේ සූදානමක් නොමැති බවද මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විශේෂ කාරක සභාවේ සාමාජිකයෙක් 'අද' පුවත්පතට පැවසීය.

popular news
-
Prabath Thursday, 13 June 2019 10:00 AM
ඉතින් පවත්වපියව් අවසාන කැබිනෙට් රැස්වීම් ටික. අපිට මොකද තොපි රට කාල පලයව්. රනිල් ඇතුළු ගොන් නාම්බෝ ටිකයි වහු පැටව් ටිකයි ආයේ පැත්ත පළාතේ එන්න එපා අඩු ගානේ චන්දෙ ඉල්ලන්නවත්.
Reply : 2 0
shan Thursday, 13 June 2019 10:02 AM
ඒක හැබැව යකෝ ගොනා නැතුව කොහොමද කරත්තේ යන්නේ ගොනා කොහොම හරි බැද ගන්න ඕනේ මු ටිකක් කුලැටී එකට කමක් නැහැ , මේ වරද කරත්තකාරයගේ මුගේ නහය තාම හරියට විදගන නැහැ
Reply : 0 1
Champa Thursday, 13 June 2019 10:15 AM
වහල් පාලකයෝ දෙන්න පොර කුකුලෝ වගේ මරා ගත්තත් අපට කමක් නැහැ. මේ බොරු නාටක ගැන අවධානය යොමු කරන්න එපා. ඇමරිකන් රාජ්‍ය ලේකම් එනවා මාසේ අන්තිමට. මේ ගැන පහලට තැනකට comment එකක් දැම්ම කලින්. මේ ගමන අන්තිම තීරණාත්මකයි. මේ තරම් ලොකු මිනිහෙක් එන්නේ ACSA SOFA ගිවිසුම් දෙකෙන්ම ඇමරිකාවට අපේ රටේ ඕනෑම දෙයක් කරන්න බලතල ලබා දෙන අති බරපතල ගිවිසුම් හින්ද. කොටින්ම ලංකාවේ හමුදාවට නැති බලතල ඇමරිකන් හමුදාවට දෙනවා. ගිවිසුමේ වැදගත් කම හින්ද ඇමරිකන් රාජ්‍ය ලේකම්ම අත්සන් කරන්න එනවද දන්නේ නැහැ. නැත්නම් මේ වෙලාවේ මෙහෙම ගමනක් එන්නේ නැහැ. වහල් පාලකයෝ බය කරලා ගිවිසුම ගහන්න ඉඩ තියෙනව. යකෝ සිංහලයෙනි දැන්වත් මර නින්දෙන් අවදි වෙයව්. මේ ගිවිසුම් දෙක අත්සන් කරන්න ඉඩ දීල බලා ඉන්නද යන්නේ? නෙද්දකින් ජාතියට නායකත්වයක් නැති එකේ අඩුව මේ වගේ වෙලාවට තමයි දැනෙන්නේ. සංවිධානය කරන්න කවුරුවත් නැහැ. මේ ඇමරිකන් යකා එන්න ඉස්සෙල්ල ඉඳන්ම දාමු කළු කොඩි ගෙවල් වල අපේ රටට ඇමරිකන් හමුදා ගේනවට විරුද්ධව. මොනවා හරි කරන්නඕනේ. අයියෝ පාර්ලිමේන්තු jokes බල බල ඉඳල හරි යන්නේ නැහැ. ඇමරිකන් රාජ්‍ය ලේකම් එනවට දැම්මම විරුද්ධ වෙන්න ඕනේ. කළු කොඩිය තමයි හොඳම.
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

