ජනපතිගේ චෝදනා සිංගප්පූරුව ප්‍රතික්ෂේප කරයි
මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව වෙත එල්ල කළ චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චෝදනා කළෙ අර්ජන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් සිංගප්පූරුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුව සිය අදහස් ප්‍රකාශ කළ යුතු බවයි.
කෙසේ වෙතත් සිංගප්පූරු මාධ්‍ය එරට විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් අද (20දා) වාර්තා කළේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය ලියකියවිලි ප්‍රමාණවත් පරිදි නොලැබුණ බවයි.
එසේම මේ සම්බන්දයෙන් ජනවාරි මාසයේ පටන් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරත් මේ දක්වාම සිංගප්පූරුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලූ ලියකියවිලි සිංගප්පූරුවට ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවයි.
සිංගප්පූරුව තවදුරටත් ශ්‍රී ලංකාවෙන් මේ තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බවත් එම තොරතුරු ලැබුණ විට පිටුවහල් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැන සළකා බැලිය හැකි බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
සිංගප්පූරු නීති අනුව යම් වරදකරුවෙක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට පිටුවහල් කළ හැකිය. ශ්‍රී ලංකාවද පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටකි.
2015 වසරේ සිදුවූ මතභේදාත්මක බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයෙක් බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට විදේශ ගතව සිටියත් ඔහු සිටින ස්ථානයක් පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාතිකයෙක් වෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ අනුව ඔහු මහ බැංකුවේ අධිපති තනතුරට පත්කළේය.
සිංගප්පරු මාධ්‍ය ඇසුරෙනි

popular news
-
Shehan Wednesday, 20 March 2019 04:44 PM
අපිට බොරු කරල මදිවට .. සිංගප්පුරුව ගැනත් බොරු කියල ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමය් .. දැන් ඉතින් සිගප්පුරු ගිහිල්ලත් ඉවරය්. සරම ගලවල තමය එවය්.
Reply : 0 66
rocky Wednesday, 20 March 2019 06:16 PM
අපේ ජනාධිපතිතුමා බොරු කීමට ගජ හපනෙකු බව ජනතාවට ඔප්පු කර හමාරය. ඔහුගේ කතා තව දුරටත් විස්වාස කිරීමට නුපුළුවන!
Reply : 0 52
Deepal Nirosh Thursday, 21 March 2019 03:09 PM
මේ ජනාධිපතිවරයා හිතාන ඉන්නලෙංකාවෙ වගේ රාජ්‍ය නායකයො, විදේශ ඇමතිවරු සිංගප්පූරුවෙත් ඉන්නව කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

