ජනපතිගේ කථාව අතිවිශිෂ්ඨයි - මංගල
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික නිදහස් උත්සවය අමතමින් කළ කථාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.
ඔහු පවසන්නේ ජනපතිවරයාගේ කතාව 'අතිවිශිෂ්ඨ' බවයි'. සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි. එම කථාව අනුව ඔහු වැඩ කළ යුතු බවත් ඔහු පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන මංගල සමරවීර මහතා,
" ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ අපහසු තීරණ ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයෙක් ශක්තිමත් නායකයෙකුයි. 1948 වසරෙන් පසුව අපගේ ගමන් මග තුළ හොඳ කථා කළ හැකි නායකයන් සිටියා. නමුත් ඒ අනුව කටයුතු කරන්න කාලය ඇවිල්ලා"
President’s speech today excellent; now he must walk the talk. A strong leader is a person who can implement difficult decisions within a democratic framework. Our journey since ‘48 has been full of well meaning leaders making good speeches. Now is the time to act !
— Mangala Samaraweera (@MangalaLK) February 4, 2020
popular news
-
Champa Thursday, 06 February 2020 06:37 PM
ලංකාවම පිළිකුල් කරන දේශද්‍රෝහී මංගලටම හරියන ජනාධිපති සහ ආණ්ඩුව. දැන් ජිනීවා ගිවිසුම හොඳයි. ඇමරිකාවට රට පාවා දෙන එම්සීසී ගිවිසුම හොඳ. මාගම්පුර වරාය විකුණපු එක හොඳයි. කිසි සාක්ෂියක් ඉදිරිපත් නොකර අතුරුදහන් කියල කියන දෙමළ මිනිස්සු ඔක්කොම මැරිලා කියලත් පිළිගත්තා, ඕනේ කෙනෙකුට ඒකත් හමුදාව පිට දල මිනීමැරුම් විදිහට කියන්න පුළුවන් වෙන්න. තව මොනවාද මංගලට ඕනේ? වහල් ආණ්ඩුවටත් වඩා මංගලට මේ ආණ්ඩුව හොඳයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

