ජනාධිපතිගේ තින්දු අගමැති වෙනස් කරනවා , රට අස්ථාවරයි - මහින්ද
ජනාධිපතිවරයාගේ තින්දුව අගමැතිවරයා වෙනස් කරනවා. අගමැතිවරයාගේ තින්දුව ජනාධිපතිවරයා වෙනස් කරනවා . මේ විදියට මුළු රටම තුල තියෙන්නේ අස්ථාවර තත්ත්වයක් යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
අද (25) කොග්ගලදි පැවති විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
අවාසනාවකට රට තුල හා ආණ්ඩුව තුල තිබෙන අස්ථාවරත්වය නිසා පමණක් නොව තින්දු ගැනිමේ දි තින්දු නොගෙන එය අතින් අත පාස්වෙනවා. බෝලයක් පාස්කරනවා වගේ. කවුද තින්දු ගන්නේ කියලා දන්නේ නැහැ. මේ තත්වය තුල වෙනසක් ඇතිවිය යුතුව තියෙනවා.
ස්ථාවර ආණ්ඩුවක් තුල පමණයි ආයෝජකයාට වඩා ශක්තිමත් ආයෝජනයක් කරලා ඒ ආයෝජනයේ ප්‍රථිපල ලබන්න පුළුවන්කම තියෙන්නේ. මේ ආයතනය වසා දැමුවාට පසු මේ තරුණයින් දෙදෙනා ලංකාවෙන් ඉතියෝපියාවට ගිහින් ආයෝජනය කළා. එවැනි අවස්ථාවකදි මේ ආයතනය අරගෙන මේ රටේ ආයෝජනයක් ආරම්භ කිරිම අගය කරනවා.
රටතුල ව්‍යවසායකයින් වැඩිවෙලා ශක්තිමත් රටක් ඇතිකරන්න ළගදිම අවස්ථාවක් ලැබේවි කියලා මා බලාපොරොත්තු වෙනවා. ඒ තත්වය ඇති වෙන්න වැඩිකාලයක් යන එකක් නැහැ.රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා රැකියා බහුල වෙලා නොබෙදුණු රටක් ඒකිය රටක් තුල කටයුතු කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

popular news
-
chathuri Monday, 25 February 2019 07:35 PM
දැන්. මයිත්රිගේ. උපදේශක මෙයාද . මයිත්‍රී. තමන්ව හදුනා දීපු. හැටි. අමතකද ලෝකයට . පණපිටින්. වළලන. මිනීමරුවෝ හැටියට. අනේ දැන් පන්දම. අතේ. තියන් ලගමයි. ලොකු විනාසයක් ලග. එනවා. කාවද . ජනාදිපති තරගෙට. ඉදිරිපත් කරන්නේ . මේ චිත්‍ර. පටිය. අද්යක්ෂණය. කරලා. ඉවරද. . හොහ්ද දේවල්. අහගන්න බලාගන්න පුළුවන්
Reply : 0 0
rocky Monday, 25 February 2019 07:57 PM
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනාධිපතිවරයෙකුගෙන් රටට, ජනතාවට ඇති පලක් නැහැ. ඔහු ඔය තනතුරෙන් නෙරපා නොදමන්නේ ඇයි? ඔබ තුමා ඒ ගැන මොකද කියන්නේ?
Reply : 0 1
Don Monday, 25 February 2019 08:46 PM
එයා කරන්නේ පම්පෝරි ගහන එක විතරයි රජයක් වශයෙන් ගත්ත තීන්දු හැමදාම වෙනස්කරන්න කතාකරනවා එයාගේ පුද්ගලික වාසියට.රනිල් එහෙම නෑ
Reply : 0 0
lion Tuesday, 26 February 2019 05:15 AM
අනේ මට රට දෙන්න mamai මගේ සහොදරයොඉ nonai puthalai මගේ nayoi කොච්චර හොඳට රට පාලනය කලාද.අපි අපේ සියලු දේ කැප කල රටේ ජනතාව wenuwen.මම doller එකක් තිය රුපියලක්වත් හොරකම් කලේ නැ.ඇල්වතුරත් nivalai බිව්වේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

