ජනතාව මුහුණදෙන පාරිභෝගික ගැටලු ගැන මානව හිමිකම් කොමිසමට කියයි

මෙරට පාරිභෝගික ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ හෙට (25දා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 34 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මෙම කරුණු ඉදිරිපත් කිරීමට තම සංගමයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා ස්විස්ටර්ලන්තයට ගොස් සිටින බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරවලදී විවිධ දේ සාකච්ඡාවට ලක්ව තිබුණද මෙරට පාරිභෝගික ජනතාවට සිදුවන අසාධාරණයන් පිළිබඳ මෙතෙක් හඬක් ඇති වී නොමැති බවද පවසා සිටියේය.
පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙරට බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් එම ගැටලු විසඳීමට කටයුතු කර නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය. මේ නිසා මෙරට පාරිභෝගිකයන් මුහුණදෙන ගැටලු පිළිබඳ හෙට පැවැත්වෙන සැසියට තම සංගමයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා කරුණු ඉදිරිපත් කරන බවද පවසා සිටියේය.
popular news
-
dhamneth Monday, 24 September 2018 01:56 PM
මේ කරුණු මොනවද කියා ජනතාව දනුවත්කලනම් හරිම වැදගත්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

