ජනතාව ජාත්‍යන්තරයේ ජීවත්වෙන්න පුරුදු විය යුතුයි - ජෝන්
ෙතෙල් මිල වැඩිවීම මිල සූත්‍රය අනුව සිදුවන බවත් අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිලද ඒ අනුව ඉහළ යා යුතු බවත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය. කොළඹදී ඊයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ජනතාව මේ සඳහා පුරුදු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
දේශපාලන තත්ත්වය ගැන කථා කළොත්?
දේශපාලන වශයෙන් කිසිම ගැටලුවක් නෑ. ජනාධිපතිතුමා ප්‍රකාශ කර තියෙනවා ලබන වසරේදී කිසිම ඡන්දයක් නෑ කියලා. ඡන්දය තියෙන්නේ නියමිත දිනයට කියලා. ඒක නිසා කාට කාටත් දැඟලුවට වැඩක් වෙන්නේ නෑ.
කිරිපැකට්ටුව සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි චෝදනාවක් එල්ල වෙනවා?
ඒ කියන්නේ මිල වැඩිවීම සම්බන්ධයෙන්ද?
නෑ නෑ අර වස දාලා කිරි දීලා කියනවා?
නෑ. මම නම් දන්නේ නෑ එහෙම එකක් ගැන. කාටද විෂ වෙලා තියෙන්නේ. අපිත් කිරිබොනවා අපිටත් නෑ එහෙම දෙයක්. අපිත් දැන් මේ තේ වලට කිරි පැකට් කරලා තියෙන ඒවනේ දාලා බොන්නේ.
තෙල් මිල වැඩි වෙලා තියෙනවා?
ඒක අපි කලින් පිළිගත්තානේ. ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වුණොත් මෙහෙත් තෙල් මිල වැඩිවෙනවා. එහෙම තමා අනිත් රටවල් වල දවස ගාණේ වැඩිවෙනවා.
ප්‍රවාහන සංගම් මිල වැඩිවීමක් ඉල්ලනවා.
ඒවත් වැඩි වෙන්න ඕන තමයි. එහෙම වෙනවනම් ඒවත් වැඩිවෙයි. ඒවටත් මිල සූත්‍රයක් ඇති කරයි.
මහජනතාවට මෙහෙම වැඩිවීම ප්‍රශ්ණයක් නේද ඇමතිතුමා?
මේ රටේ විතරනේ ප්‍රශ්ණ. අනිත් රටවල් වල මම කිව්වේ දෛනිකවත් වෙනවා කියලා. මිනිස්සු පුරුදු වෙන්න ඕන ජාත්‍යන්තරයේ ජීවත් වෙන්න.

popular news
-
rocky Wednesday, 12 September 2018 12:27 PM
මහත්තයෝ, අපිට ඒ මට්ටමෙන් ජීවත් වෙන්න තරම් ආදායමක් නැහැ නේ! ඔහෙලා අපේ කර පිටින් ගිහින් අපටම දැන් කෝචොක් චාරනවා!
Reply : 0 15
Missaka Wednesday, 12 September 2018 01:44 PM
ජාත්‍යන්තරයේ ජීවත් වෙන්න ඕනේ නිසා වෙන්ට ඇති අර පෙති වගයක් බීල ඉස්පිරිතාල ගානේ ගැටුවේ! අනේ අම්මප!
Reply : 0 11
Champa Wednesday, 12 September 2018 04:52 PM
මේ රටේ මිනිස්සුන්ගේ වැටුපත් ජාත්‍යන්තර තලයේ නැත්නම් UN වැටුපට සමානයි කියලා හිතල තමයි ඒ රටවල විදිහට බදු ගහන්නේ තෙල් මිල දවස ගානේ වැඩි කරන්නේ. මුලින් ආර්ථිකය අස්ථාවර වුන. ඊළඟට ආණ්ඩුව අස්ථාවර වුනා. දැන් ජන ජීචිත සම්පූර්ණයෙන්ම අස්ථාවර කරලා. මෝඩ මිනිහ, මේ අහනව, ජනාධිපතිගේ ධූර කාලය 2020 ජනවාරි 8 ඉවරයි. ව්‍යවස්ථාවේ හැටියට ඊට මාස 1ක් කලින් ජනාධිපතිවරණය තියන්න ඕනේ. ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්න ඕනේ මාස 1 1/2ක් ඇතුලේ. ඒ හින්ද බොහෝ විට නොවැම්බර් හෝ ඊට කලින් ඔක්තෝබර් වෙනකොට ජනාධිපතිවරණය පවත්වන දිනය කියන්න ඕනේ.
Reply : 0 0
Bandula. Friday, 14 September 2018 04:10 PM
මේ වගේ ජනතාවට තියන බර ඔබලාට දැනෙන්නේ නැහැ. මිනිසුන්ට කියල සාපකර ගන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

