චරිතය අවුල්නම් පොලීසියෙන් ඉවතට
පොලිසියේ අපේක්ෂිත හැසිරීම නැති නිලධාරීන් මොන ක්‍රමයකින් හෝ පොලිසියෙන් අයින් කරනවා යැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
හල්දුම්මුල්ල පොලීසියට රුපියල් මිලියන 27 ක වියදමින් ඉදිකළ පොලිස් ස්ථානාධිපති නිල නිවාසය, පොලිස් නිලධාරී බට නිවාසය, දේශන ශාලාව විවිධ පැමිණිලි අංශය ඇතුළු ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (01) දින පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේය.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායක මහතා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
"පොලිසිය කියලා වෙනම ජීවීන් කොටසක් නැහැ. මේ ප්රජාවගෙන්ම තමා පොලිසිය සකස් වී තිබෙන්නේ. බඳවාගෙන තිබෙන්නේ, පොලිස් නිලධාරීන්ගේ වගකීමක් තියෙනවා තමන් නියෝජනය කරන ප්‍රජාවට සේවය සැලසීමට.
පොලීසිවල වල අඩු පාඩු ,නිලධාරීන්ගේ ගැටලු අපි රජයට දැනුම් දී තිබෙනව, සියලු ගැටලු විසඳගෙන අපි ස්තිරසාර විසඳුම් වලට එමින් සිටිනවා.
මේ වන විට කමිටු තීරණය අනුව 2027 අයවැයේදී පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් තිබෙනවා. එවිට තවදුරටත් දූෂණ අඩු විය යුතුයි. මහජනයතාව තලා පෙලා වැඩ කිරීමට අවකාශ පොලිසියට නැහැ. පොලීසියේ විශ්වසනීයත්වය මහජනතාව දක්වන දායකත්වය මත පදනම්ව තීරණය වනවා.
පොලීසියට මහජන ප්‍රසාදය අවශ්‍යයි. ඒ අනුව පොලිසියට පිළිගැනීම ඇතිවෙනවා. මහජන ප්‍රසාදයක් නැතුව පොලිසියක් පවත්වාගෙන යන්න බැහැ. අපි දකිනවා සමහර නිලධාරීන් මහජන අප්‍රසාදයට ලක්වෙන අවස්ථා ඒ ඒ පොලිස් නිලධාරීන් කොයි වෙලාවක හරි ගිහින් අමාරුවේ වැටෙනවා.
අපි දකින සිදුවීම්වලත් එහෙම නිලධාරීන් ඉන්නවා එහෙම අය හඳුනාගෙන ඒ නිලධාරීන් මුල් අවස්ථාවේදීම හඳුනගෙන සුදුසු රාජකාරී වලට යොමු කරනවා. පොලිසියේ අපේක්ෂිත හැසිරීම් නැති නිලධාරීන්ව මොන ක්‍රමයකින් හරි පොලීසියෙන් ඉවත් කරනවා . ඉවත් කිරීමට ක්‍රමවේදයක් හදාගන්නවා.
යටිතල පහසුකම් වැඩි දියුණු කරන්නේ පොලිසිය බලාපොරොත්තු වන මහජන සේවය ලබාදීම සඳහායි. සමාජ මාධ්‍යයේ මොනවා කීවත් අසූ දහසක් පමණ ඉන්න පොලිසියේ එක නිලධාරියෙක් කරන වැරැද්දක් සමස්ත පොලීසියටම දෝෂාරෝපණය කරන්න බැහැ.
පොලිස් නිලධාරීන් වැරැද්දක් කරානම් අපි නීති රාමුව ඇතුලේ කටයුතු කරනවා. මම ඇතුළු පොලිසියේ සියලුම නිලතලවලට නීත්‍යානුකූල නොවන ආකාරයේ වැඩ කරන්න ඉඩක් නෑ.. අපි උපදෙස් දෙන්නෙත් නැහැ. යම් යම් විනය වැරදිවල අපරාධ වැරදි වලට නීති ප්‍රතිපාදන අනුවම දඩුවම් කරන ක්‍රමවේදයක් අපි සකස් කරල තියෙනවා. පොලිසියට වෙන නීතියක් නැහැ." යයිද පොලිස්පතිවරයා පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

