චීනයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 141ක් කටුනායකට
චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත 2/01 දින රාත්‍රී සහ 2/02 අලුයම පැමිණ තිබේ.
ඔවුන් අතර චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටි සිසුන් ද වන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.
ඔවුන් 2/01 දින රාත්‍රී 8.45 එයාර් චයිනා ගුවන් සේවයට අයත් චෙංඩු සිට පැමිණි සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් එක් අයෙකු ද , 2/02 දින ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් වන අලුයම 4.55 ට ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 63 ක් සහ අලුයම 5.40 ට බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් 77 ක් වශයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා , ඔවුන්ට කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ නොවූයෙන්, ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

