ගෝඨා මිලියන 1500 සජිත් මිලියන 1400 ක් වියදම් කරති
ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් පස් දෙනෙකු (05) ගෙවීගිය දින 21 ක කාලය තුලදී මැතවරණ ප්රචාරක කටයුතුවලට රුපියල් මිලියන තුන්දහස් එකසිය අටක (3108) මුදලක් වියදම් කර තිබෙන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම මුදලින් රුපියල් මිලියන එක් දහස් පන්සිය දහ අටක් (1518) වියදම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බවත්, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ රුපියල් මිලියන එක් දහස් හාරසිය විසි දෙකක් වියදම් කර තිබෙන බවත් එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.
ජාතික ජනබලවේගය රුපියල් මිලියන 160ක් වියදම් කර තිබෙන බවත්, ජනසෙත පෙරමුණ රුපියල් මිලියන 06ක්, ජාතික ජනතා ව්‍යාපාරය රුපියල් මිලියන 02ක් වශයෙන් මුදලක් හා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වියදම් කර තිබෙන බවත් අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

popular news
-
Kumar Wednesday, 13 November 2019 10:46 PM
දෙදෙනාගෙන් කවුරු බලයට ආවත් සාමාන්‍ය ජනයට යහපතක් සිදුවේ කියා සිතන්න අමාරුයි. කූඩැල්ලෝ වටවෙලා ඉන්න නිසා.
Reply : 0 0
Kumar Thursday, 14 November 2019 08:00 AM
වියදම් කල තරම් මුදල් ඔය එක අයෙකු ළඟ නැහැ. ඔය මුදල් දුන්න අය අන්ගතයේදී දුන්න මුදලට වැඩිය වාසි බලාපොරොත්තුවේ ඉන්නේ. රටට ආදරේනම් ඒ චන්දයට දුන්න මුදල් මහජනයාගේ සුබසිද්දිය සඳහා යොදාවන්වනේ. ඒ කියන්නේ චන්දය ලොකු මුදල්වලට යටවෙලා තිබෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

