ගෝඨාට එරෙහිව තවත් පැමිණිලි 10ක් ඇමෙරිකාවේ ගෙනුකරයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් පැමිණිලි 10ක් ඊයේ (26දා) දිනයේදී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඉරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම් සිදුවූ කාලයේදී ශාරීරික, ලිංගික හා මානසික අඩන්තේට්ම් කළ බවට සඳහන් කරමින් මෙම නඩු ගොනු කර ඇති බව ද වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි.
පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙක් වන ස්කොට් ගිල්මෝ සඳහන් කරන්නේ මෙම සිදුවීම් හුදෙකලා සිදුවීම් නොවන බවත් නිතිපතා සිදුවූ සිදුවීම් බවත්ය.
මීට ඉහතදීද හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමෙරිකාවේ නඩු දෙකක්ද ගොනු කර තිබේ.
දමිළ ජාතිකයන් දෙදෙනෙක්, සිංහල ජාතිකයක් දෙදෙනෙක් මෙම පැමිණිලි ගොනු කර ඇති අතර ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වනබව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය සඳහන් කරයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ තිබූ හමුදා කඳවුරුවලදී තමන්ම විවිධ අඩන්තේට්මට් වලට ලක්වූ බව සඳහන් කරමින් ඔවුන් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අප්‍රේල් 05 දා ඇමෙරිකාවේ ගොනු කළ නඩුවලට සම්බන්ධව මෙම පැමිණිලි ඉදිරිපත් කළ බවද ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය සඳහන් කරයි.
මෙහිදී ඇතැම් පැමිණිලිකරුවන් ශ්‍රී ලංකාවේ පොලීසියේ හා ආරක්ෂක අංශ සාමාජිකයෙන්ගේ නම්ද ඇතුළත් කරමින් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

popular news
-
Champa Thursday, 27 June 2019 08:00 PM
මේ තමයි ලංකාවේ අශිෂ්ඨ දේශපාලනය. ගෝඨාභය චන්දෙට ඉදිරිපත් වෙනව කිව්වේ නැත්නම් මේ නඩු නැහැ. කවුද මිනිහෙක් චතුරිකාගේ අත්සන හොරට ගැහැව්වා කියල චතුරිකාට උසාවි එන්න කියල. තනිකරම විහිළුවක්. වෙන මිනිහෙක් අත්සන ගැහැව්වා නම් ඒ මිනිහට විරුද්ධව නඩුව අහනවා මිසක් ඒ වගේ අත්සනක් තියෙන වෙන කවුරු හරි උසාවි කැඳවන්න ඕනෙද? මහින්ද පැරදිච්ච ගමන් ලෝකේ නැති නඩු දැම්ම. අවුරුදු 4 1/2ක් තිස්සේ තාම ඒ නඩු අහනව. ඊළඟට අනිත් පැත්ත බලයට ආපු ගමන් දැන් ඉන්න දේශපාලකයන්ට නඩු දානව. ලංකාවේ මේ තියෙන අශීලාචාර දේශපාලන නැති කරන්න, කරන්න පුළුවන් එකම දේ තමයි ඊළඟ ජනාධිපති විදිහට දේශපාලනයට සම්බන්ධ නැති වෙනස් මිනිහෙක් පත් කරගන්න එක සහ ඊට පස්සේ ජනතාවට ආදර්ශයක් දෙන විදිහේ පාලනයක් ගෙනියන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

