දිවයිනට ආශ්‍රිතව ගිණිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිල ස්වාභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව විශේෂයෙන් නැගෙනහිර, ඌව හා දකුණු පළාත්වලත්, මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු පළාත්වල සවස 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් නැගෙනහිර, දකුණ, සබරගමුව යන පළාත්වලත හා මාතලේ දිස්ත්‍රික්කයෙත් සමහර ස්ථාවනට මිල මීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.