ප්‍රජා ජලසැපයුම් දෙපාර්තමේන්තුව විසින් 2020,2021 යන වර්ෂවලදි ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භකර තිබු ජල ව්‍යාපෘති 18 ක ඉදිකිරිම් කටයුතු අවසන් නොවිම හේතුවෙන් ඒ සදහා වැයකොට තිබු රුපියල් විසිතුන්කෝටි, පනස්හයලක්ෂ, හැත්තැතුන්දහස්, හතලිස්එකක (235,673,041) මුදල නිෂ්කාර්ය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙකි ව්‍යාපෘති ඉකුත් වර්ෂයේ (2025) අවසන්වනවිටත් අවසන්කර නොතිබුණි. මේ හේතුවෙන් ඉදිකිරිම් කටයුතු අවසන් වි තිබු ජලමුලාශ්‍ර,පොම්පාගාර, ලැසි වැලිපෙරණ, රළු වැලි පෙරණ, ගබඩා ටැංකි ආදිය වසර 04ක පමණ කාලයක සිට භාවිතයට ගෙන නොතිබුණි. එමෙන්ම ව්‍යාපෘති 05ක් වෙනුවෙන් මිලදිගෙන තිබු ජල පොම්ප, පැනල්බෝඩ්,ගේට්වැල්,ඉනිමං,ජලනල හා ජලමිටර්,2025 වර්ෂයේ ඔක්තෝබර් වනවිටත් ප්‍ර යෝජනයට නොගෙන ප්‍රජාමුල සංවිධාන සාමාජිකයින්ගේ නිවෙස්වල ගබඩාකර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.