ග්‍රාමීය සංවර්ධනයට බිලියන 35ක් වෙන් කළත් වියදම බිලියනයයි
"ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ප්රශ්නය ප්‍රායෝගිකව මේ කියන මුදල් බිම ආයෝජනය වෙනවද නැද්ද කියන ප්රශ්නය තමයි තියෙන්නේ. මොකද ඔබතුමාලා හැම අයවැයකදීම නොම්බර කියනවා. හැබැයි ඉතින් යථාර්ථය තමයි මේ මුදල් ගමේ ආයෝජනය වෙනවද? ග්‍රාමීය සංවර්ධනයට මේ මුදල් ටික ආයෝජනය වෙනවද? ධීවර කර්මාන්තය සඳහා මේ මුදල් ආයෝජනය වෙනවද නැද්ද කියන කාරණය තමයි ප්‍රශ්න කරන්න තියෙන්නේ"යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා
"මම දැක්කා එක අමාත්‍යවරයෙක් කියනවා මේ විපක්ෂය වෙන් කරන මුදල් වලට චෝදනා කරනවාලු. නැහැ විපක්ෂයේ කවුරුත් මුදල් වෙන් කරාට බනින්නේ නැහැ. හැබැයි ඒ වෙන් කරන මුදල් බිම වැඩක් වෙන්නේ නැත්නම් අවුරුද්දේ අන්තිම වෙනකොට මාස හය හතක් යනකොට මුදල් කාරක සභාවට අපේ හර්ෂ ඩි සිල්වා මන්ත්‍රීතුමා ඉන්න මුදල් කාරක සභාවට එන ලියවිල්ලේ තියෙන්නේ 7% නම්, 8% නම්, 10% නම් ඒක ප්‍රශ්න කරනවා.
අද එක පැත්තකින් මේ මේ ආණ්ඩුව හිතන් ඇති මේ රජයේ සේවකයෝ පෞද්ගලික අංශයේ අය මේ පඩි වැඩි කිරීමක් ඉල්ලන්නේට්රිප් යන්න කියලා නෙවෙයි. තුන් වේල කන්න විදිහක් නැහැ. බඩගින්නට සල්ලි ඉල්ලන්නේ. පඩි ඉල්ලන්නේ බඩගින්නට."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
