ගුවන් සේවා ක්ෂේත්රය අර්බුදයක - ප්‍රසන්න
කොව්ඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති ගුවන් සේවා ක්ෂේත්රය නැවත යථා තත්ත්වයට පත් වන තුරු එය පවත්වාගෙන යාම සදහා සේවක සහයෝගය අත්‍යවශ්‍ය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්රය මෙන්ම ගුවන් සේවා ක්ෂේත්රයද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බරපතළ අර්බුදයකට පත්ව ඇති බවයි.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් ඇති සේවා අභිමානී ප්රණාම උළලේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා,
“ ලෝකයේ ගුවන් තොටුපළ රැසක් අද පවත්වාගෙන යාමේ අරබුදයකට මුහුණ දී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම කඩා වැටීමයි. බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණ දුන්නේ ගුවන් තොටුපළ සේවකයන් කප්පාදු කරමින් නැතිනම් ඔවුන්ගේ පඩි නඩි කප්පාදු කරමින්. නමුත් අපි එහෙම සේවක කප්පාදුවකට හෝ පඩි නඩි සේවක කප්පාදුවක් සිදු කලේ නෑ. තව කොපමණ කාලයකින් ලෝකයේ ගුවන් සේවා ක්ෂේත්රය යථා තත්ත්වයට පත් වේදැයි කිව නොහැකියි. මේ තත්ත්වය තුළ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම බරපතළ අර්බුදයකට ලක්වෙමින් තිබෙනවා. මේ වන විට එම සමාගම සතුව තිබෙන සම්පත් ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. මේ නිසා මේ ආයතනය රැකගැනීම සදහා සේවක සහයෝගය අත්‍යවශ්‍යයි. අධ්‍යක්ෂක මණ්ඩලය, සේවක සේවිකාවන් හා වෘත්තීය සමිති එක්ව මේ සදහා කිසියම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.
ආණ්ඩුව කොවිඩ් 19 වසංගතය රටතුළ පැතිර යාම පාලනය කළත් සංචාරකයන්ට රට විවෘත කර රටේ ජනතාව අවධානමේ දමන්න සුදානම් නෑ. ඉතා ඉක්මනින් කටුනායක හා මත්තල ගුවන් තොටුපළ විවෘත කරන්න අපි සුදානම් වුණත් සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබෙනතුරු එය ක්‍රියාත්මක නොකරන්නේ ඒ නිසායි. මේ පිළිබදව අපි කැබිනට් පත්‍රිකාවක් පවා යොමු කළා. අවශ්‍ය උපදෙස් ලැබුණු වහාම අපි සංචාරකයන්ට රට විවෘත කරනවා.

popular news
-
M ZAFEER Monday, 21 September 2020 02:25 PM
plz open to air port Sri lanan citezan first medlist worker
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

