ගම්බිම් වලට යා නොහැකිව සිරවි සිටි ගම්පහ කොට්ඨාසයේ් 2022ක පිරිසක් පිටත් කෙරේ
කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීම වලක්වාලීම පිණිස පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටි ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි 2022 ක පිරිසක් අද (13) පෙරවරුවේ ගම්පහ නගර සභා පිටියෙන් පිටත්කර හැරීමට පොලීසිය පියවර ගනු ලැබීය.
රැකියාවන්හි නිරත සහ විවිධ අවශ්‍යතාවයන් මත ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණ පොලිස් බල ප්‍රදේශ 14 ක සිටි දිවයිනෙහි දිස්ත්‍රික් 22 ක පදිංචි පිරිසක් මෙලෙස පිටත්කර හැරීමට පියවර ගත් බව ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ද ඉන්දික සිල්වා පැවසීය.
මෙම අවස්ථාවට එක්ව සිටි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි මානුෂික ක්‍රියාවක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවය.
ජනතාව ගම් බිම් කරා පිටත්කර යැවීමේ මෙම අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක, ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ , බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය හා පොලිස් නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ තිලකරත්න දිසානායක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

