කෝප් කමිටුව නිල වශයෙන් පිහිටුවීම ලබන සතියේදී
අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව නිලවශයෙන් පිහිටුවීම එළඹෙන පාර්ලිමේන්තු සතියේදී සිදුකිරීමට නියමිත බව කෝප් කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාම පත්කළ යුතු බවට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට පැමිණියේය.
ඒ අනුව කථානායක කරු ජයසූරිය මහතා කෝප් කමිටු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කරගත් බව පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායමේ නියෝජනයක් කෝප් කමිටුවට ලබාගැනීම පිළිබඳවද සංවාදයක් මතුව ඇති බව වාර්තාවේ.
එමෙන්ම පසුගිය කෝප් කමිටුව විසින් විමර්ශනයට ලක්කෙරෙමින් තිබුණු සියලු පරීක්ෂණ ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑමට වත්මන් කෝප් කමිටුව බලාපොරොත්තු වන බවද සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


