පොතු ගලවා අලෙවි කිරීමට සකසමින් තිබූ මහනුවර මධ්‍යම වෙළඳ පොළෙන් ඉවත් කළ පරිභෝජනයට නුසුදුසු එළවළු කිලෝ තුන්දහසක් පමණ මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර මධ්‍යම වෙළඳ පොළේ තොග මාළු වෙළෙඳ පොළ අසල මහජන වැසිකිළිය ආසන්නයේ භූගත කාමර කිහිපයක් තුළ මෙම එළවළු නැවත සකස් කරමින් සිටින බවට ලද තොරතුරකට අනුව අදාළ ස්ථානය වටලා ඇත. ඒ අවස්ථාව වන විට මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ගෙඩිගෝවා, රාබු, දඹල, දෙහි, අමුමිරිස් ආදි එළවළු වර්ග රාශියක් තිබූ බව පවසන නාගරික සෞඛ්‍ය ඒකකය ස්ථානය වටලන විට සැකකරැවන් පැනගිය බවද පවසයි.