ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙත් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීම හෙට (22දා) දිනය තෙක් කල් යනු ඇති බව වාර්තා වෙයි.
අමාත්‍ය මණ්ඩලය සීමිත කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අනුව මන්ත්‍රීවරුන් අතර අමාත්‍යාංශ බෙදීමේදී ඇතිව තිබෙන සංකීර්ණත්වය අනුව මෙසේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට දිනය දක්වා කල්ගතවෙනු ඇති බව වාර්තා වෙයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා වුවත් මාර්තු මස දක්වා පත්කරන කැබිනට් මණ්ඩලය 15කට හෝ 16කට සීමා කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.