කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
මෙම සහල් වර්ග දෙක සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මේ අනුව ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මෙය ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය 2025 දෙසැම්බර් 31 වැනි දින සිට අදාළ සහල් වර්ග සඳහා කිලෝග්රෑමයකට රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබුණි.