කළු කොටි සැමරුමක් වලක්වාලමින් අධිකරණ නියෝගයක්
සාම්පූර් පොලිස් බල ප්රදේශයේ ලබන 23 වනදා පැවැත්වීමට සූදානම් කර ඇති කලු කොටි සැමරුමක් පැවැත්වීම වළක්වාලමින් මුතූර් මහේස්ත්රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, සාම්පූර් පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි.
සාම්පූර් පොලීසිය විසින් එම සැමරුම සංවිධානය කර ඇති පුද්ගලයින් 09 දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මුතූර් මහේස්ත්රාත් පස්මිලා භානු විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ලබන 23 වනදා සිට 30 වනදා දක්වා සාම්පූර් පොලිස් බල ප්රදේශයේ කිසිදු සැමරුමක් නොපවත්වන ලෙයසි මහේස්ත්රාත්වරිය නියෝග කර ඇත්තේ.
වෙරුගල් ප්රාදේශීය සභාවේ උප සභාපති දේවනායගම් සංකර්, සමස්ත ලංකා දෙමළ කොංග්රසයේ ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් ගනේෂ් පිල්ලේ කුගන් ඇතුලු 09 දෙනෙකුට එම නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩි දුර වාර්තාවක් ලබන 30 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්රාත්වරිය පොලීසියට නියෝග කර ඇත්තේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

