නවීකරණය කරන කැළණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය හෙවත් කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද නොකර අරඹන්නැයි ප්රවාහහ කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (28දා) දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේයග
නව කැළනි වැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා දිවෙන අතර එම දුම්රිය මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා කිලෝමීටර් 22ක දුරක් ගමන් කරන්නේ භූමි මට්ටමින් අඩි 18ක් පමණ උස් කුළුනු මතින් දිවෙන දුම්රිය මාර්ගයකය.මාලපල්ල සිට මරදාන දක්වා කොටසේ එම දුම්රිය ගමන් කරනුයේ විදුලිබලයෙනි.
විශේෂයෙන්ම කොළඹ හා තදාසන්න නගරවල පවතින මාර්ග තදබදය අවම කරලීමට විකල්ප ප්‍රවාහන වැඩ පිළිවෙළක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය තුළින් අපේකෂිත අරමුණු ඉටු කර ගැනීමට නම් එම ව්‍යාපෘතිය හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු යැයිද අමාත්‍යවරයා කීය.
මේ අතර දුම්රිය මාර්ග සංවර්ධනය උදෙසා 2023 දක්වා වූ මාර්ග සංවර්ධන සැලැස්මක් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබේ. ඒ අනුව පොල්ගහවෙල- කුරුණෑගල ද්විත්ව දුම්රිය මාර්ගය, පයාගල සිට අලුත්ගම දක්වා ද්විත්ව දුම්රිය මාර්ගය, කුරුණෑගල- හබරණ දක්වා දුම්රිය මාර්ගය, මහව සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය, මෙන්ම කුරුණෑගල සිට මහව දක්වා ද්විත්ම මාර්ගය ද වශයෙන් විශාල දුම්රිය සංවර්ධන ව්යාපෘතිැරුසක් සැළසුම් කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ද ලැබී තිබේ.