කංසා වගා කල නිවෙස් හිමියා වියළි ගංජා සමඟ අත්අඩංගුවට
වීරකැටිය විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවෙසක් පිටුපස මඤ්ඤොක්කා වගාවක සඟවා වගා කර තිබූ බව කියන කංසා පැළ 27ක් සහ වියළමින් තිබූ බව කියන ගංජා ග්‍රෑම් 900ක් සමඟ නිවෙස් හිමිකරු අද(6) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු කියති.
වීරකැටිය විතාරන්දෙණිය ප්‍ර6දේශයේ නිවෙසක් පිටුපස මඤ්ඤොක්කා වගාවක සඟවා වගා කර තිබූ බව කියන කංසා පැළ 27ක් සහ වියළමින් තිබූ බව කියන ගංජා ග්‍රෑම් 900ක් සමඟ නිවෙස් හිමිකරු අද(6) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයකු බව නිලධාරිහු කියති.
විතාරන්දෙණිය රොටේ මාර්ගයේ නිවෙසක් පිටුපස වගා කර තිබූ බව මඤ්ඤොක්කා වගාවක සඟවා වගා කර තිබූ බව කියන හොඳින් වැඩුණු අඩි 5ක් සහ අඟල් 8ක් පමණ වන කංසා පැළ 27ක් සහ වියළමින් තිබූ ගංජා ග්‍රෑම් 900ක් මෙලෙස පොලිස් බාරයට ගෙන තිබිණි.
අනීෂා මානගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

