කවුරු විවේචනය කළත් සිවු වසර තුළ මගේ යුතුකම් මා ඉටුකළා - ජනපති
වංචාව, දුෂණය සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්විම අමතමිනි.
එහිදි ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ,
මේ රටේ රාජ්‍ය ආදායම විනාශ කර දමන ආයතන පිළිබඳ කිසිවෙකු කතා නොකරන අතර ඒ පිළිබඳ මාධ්‍ය ආයතනවලින් ද අනාවරණයක් සිදු නොවීම කනගාටුවට කරුණක් බවයි.
එමෙන්ම මා පිළිබඳ කුමන අන්දමේ විවේචන සිදු කළ ද, ජනාධිපතිවරයා ලෙස පැවරී ඇති වගකීම් සහ යුතුකම් ඉකුත් සිවු වසර තුළ තමා නොපිරිහෙළා ඉටුකර තිබෙන බව නොබියව ප්‍රකාශ කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Janaka from Matara Wednesday, 27 February 2019 08:56 PM
අපරාදේ කියන්න බෑ ඒ ටික නම් කිසිම අඩුවක් නැතුව කලා!!!
Reply : 0 0
Kumar Thursday, 28 February 2019 12:31 AM
ජනධිපතිතුමාගේ කතාවට සිනහනොවී ඉන්න පුලුවන්ද?
Reply : 0 0
Champa Thursday, 28 February 2019 05:47 PM
මටත් හිනා ගියා ඒ කතාවට. එහින්ද ලියන්න හිතපු comment එකත් අමතක වුනා. හැබැයි ලිව්වත් ඒක අතුරුදහන් වෙන්න ඉඩ තියෙනව. ඒ තරම් විශිෂ්ඨයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ පත්තරකාරයන්ට තියෙන නිදහස.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

