කොවිඩ් අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම
කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත් එම අභියෝගය ජය ගැනීමට රජය ගත් පියවර ඉතා අගය කරන බවත් ශ්‍රී ලංකාවේ නෝවීජියානු තානාපතිනි ට්‍රීනි යොරන්ලි එස්කඩා මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ අද (03) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 අනතුර අවම කර ඇති බැවින් තමන්ටද මුඛ ආවරණයක් නොමැතිව ඇවිද යාමේ අවස්ථාව ලැබී ඇති බවත් ඇය පැවසුවාය.
මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 140ක ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් ඉදිරියටත් ආයෝජන මෙරට වෙත ලබාදීමට නෝවේජීයාව සූදානමින් සිටින බවත් තානාපතිනිය පැවසුවාය. එමෙන්ම මේවන විට ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණ ශිල්පීන් විශාල සංඛ්‍යාවක් තම සේවය නෝවීජියානු සමාගම් වෙත ලබා දෙන බව පැවසු ඇය ඉදිරියේදී එම තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයිද පැවසුවාය.
මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ නෝවීජීයානු තානාපති කාර්යාලයේ නිලධාරීනි හිල්ඩේ බර්ග්හැන්සන් මහත්මියද එක්වූහ.

popular news
-
කපිල Thursday, 03 September 2020 10:45 PM
අපට වඩා කොරෝනා හොඳින් පාලය කල රටවල් තියෙනව. මියන්මාරය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

