කාලගුණයේ වෙනසක් බලාපොරාත්තු විය හැකියි
අද (06) සහ හෙට (07) දියන්හිදී මධ්‍යඹ, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරාත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් හී පස්වරු 2 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි හැකි මෙන්ම සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මී.මී 50 පමණ තරමක වැසි ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්යක් ඇතිවිය හැකි බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
