කරුගේ ඉල්ලීම දිනේෂ් ඉවත දමයි
ඉන්දීය පාර්ලිමේන්තුව හා අදාළ ආයතන වත කරන සංචාරය සඳහා කථානායක කරු ජයසූරිය මහතා එක්වෙන සංචාරයට තමා එක්නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මෙම සංචාරයට එක්වන ලෙසට කථානායකවරයා දිනේෂ් ගුණවර්ධන මහතාට එක්වන ලෙසට ආරාධනා කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයට මන්ත්රීධුර 70ක් තිබියදී මන්ත්රීවරු 16ක් සිටින පක්ෂයකට විපක්ෂනායක ධුරය ලබාදීමට එරෙහිව ඔහු මෙසේ ඉන්දීය සංචාරය සඳහා එක්නොවීමට තීරණය කර තිබේ.

popular news
-
Champa Tuesday, 04 September 2018 04:03 PM
ඉන්දියන් බහු පාර්ශ්වික කතාවක්ද මොකකටද කියල කියපු කථානායකතුමාගේ ප්රධානත්වයෙන් යන මේ ගමනට ඒකාබද්ධ විපක්ෂය එකතු වෙන්න බැහැ කියපු එක හොඳයි. මේවා උගුල්. අහු වෙන්න හොඳ නැහැ. අනිත් අතට මේ ගමන අපේ පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක්. මේ වගේ ගමන් වලට මන්ත්රීවරු එකතු වෙනවා පහුගිය කාලේ දැක්ක. හරි නම් කථානායකතුමාත් මේ ගමන ප්රතික්ෂේප කරන්න ඕනේ. කථානායක ධූරය කියන්නේ උත්තරීතර පදවියක්. මේ වගේ ගමන් වලින්, හරියට වෙළඳ නියෝජිතයන්ගේ ගානට වට්ටලා තමන්ව කැඳවන මේ වගේ ගමන් වලින්, තමන්ගේ තනතුර හෑල්ලුවට ලක් වෙනවා කියන එක කථානායකතුමා තේරුම් ගන්න ඕනේ. රටක කථානායකවරයෙකුට ඔබින ගමනක් නෙමෙයි මේක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

