කාබන් බද්ද ඉවත් කරනවා - ත්රස්තවාදීන්ට මරණ දඬුවම දෙනවා
ෙතමන් ජනපතිධුරයට පත්වීමෙන් පසුව කාබන් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවත් ත්රස්තවාදීන්ට මරණ දඬුවම ලබාදීමට කටයුතු කරන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජන රැළි දෙකකදී පැවැසීය.
නාරම්මල රැළිය - “කාබන් බද්ද ඉවත් කිරීමට කටයුතු කරනවා. පරිසරය ආරක්ෂා කරන්න ඕන. නමුත් අද පොදු ජනතාවගේ කරපිට බදු පැනවිලා. පොදු ජනතාවට හුස්ම ගන්න අමාරුයි. මගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙන යෑම නෙමෙයි.”
නිට්ටඹුව රැළිය - “ ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වෙන සිසලු දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන. අපි ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරනවා. ඒ මතයේ ඉදගෙන තමයි සරත් ෆොන්සේකා මහතා කිසිම පැකිලීමකින් තොරව ආරක්ෂක ඇමති ලෙසත් නීතිය සාමය ඇමති ලෙසත් මම ගාලු මුවදොර රැළියේදී ප්‍රකාශ කළේ.”

popular news
-
nimal Wednesday, 16 October 2019 04:38 PM
එතකොට ඒක ගැහුවේ අපිද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

