කෝටි 6කට අධික වටිනාකමකින් යුතු කේරල ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 426ක් සමග සැකකරුවෙකු මණ්ඩතිව් දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු මණ්ඩතිව් කල්මුනේ තුඩුව ප්රදේශයේදී සිදු කල හදීසි සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා ජාවාරම්කරුවන් විසින් අදාල කේරල ගංජා මුහුදු මගින් රැගෙන ආ පාර්සල් දමා පළා ගොස් තිබුණි.
එහිදී දමා ගිය පොහොර උර බෑග් 12ක් පරික්ෂා කිරීමේදී ඒ තුල තිබූ පාර්සල් 168ක කේරල ගංජා කිලෝ 426ක් තිබී සොයාගෙන ඇත.
එහිදී පළාගිය සැකකරුවන් පිළිබඳව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දීමෙන් පසුව ඔවුන්ගේද සහාය ඇතිව පළාගිය සැකකරුවන්ගෙන් එක්අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද නාවික හමුදාවෙන් පරික්ෂණයක් අරඹා ඇත.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු ගොඩබිමට රැගෙන ඒමට ගත් උත්සාහයකදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරු මණ්ඩතිව් ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කේරලගංජා තොගයද වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතට භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

