කටාර් තානාපති රාජපක්ෂ සොහොයුරන් හමුවීම ගැන නාමල් කියයි
කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.බී. ලියනගේ මහතා හා යෝෂිත හා රෝහිත රාජපක්ෂ යන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් දෙදනා ඇතුළත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
රාජපක්ෂ සොයොයුරන් පිළිගැනීමට කටයුතු කිරීම පිළිබඳව කටාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට විවේචනයක් එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම හරහා සිදුකර තිබේ.
ඔහු පවසන්නේ තම සොහොයුරන් CH&FC කණ්ඩායම සමග දෝහා නුවරට ගියේ මිත්‍ර රග්බි තරගයට එක්වීමට බවත් තම සොහොයුරන්ට මෙවැනි ද්වේශ සහගත ප්‍රකාශ දරා ගැනීමට හැකි බවයි.
දෝහා රග්බි හා පාපන්දු මධ්‍යස්ථානය මෙම මිත්‍ර පාපන්දු තරගයට ආරාධනා කළ බවත් එයට එක්වීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට තානාපතිවරයා ගුවන් තොටුපොළට පැමිණ සිටි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එසේම මෙම ප්‍රකාශ සඳහා CH&FC කණ්ඩායම සම්බන්ධ කර නොගන්නා ලෙසත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
popular news
-
chathuri Friday, 05 October 2018 05:52 PM
කෙලින්ම කිව්වනම්. ඉවරයි. අපිව පිළිගන්න ආව කෙනා. අපි දන්නෙත්. නැහැ. කියල පිළිගන්න හේතුව. දුෂණ ක්‍රියා. නිසාද . ලංකාවේ දමන සෙල්ලම් ඔය රටේ දැම්මනම් තජුදින්ගේ මරණ පරීක්ෂණය ඉවර. වෙලා. දෙන්න කොළ. නැති ගහෙත් ගිහින් වරදට. දඩුවම ලංකා වම කියල කියන්න. අමාරුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

