එන්නත්කරණය රට පුරා තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි
කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත්කරණය රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.
යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහනද අද දිනයේත් ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී වයස අවුරුදු 30 ට වැඩි පිරිස් වෙනුවෙන් සයිනොෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා ලබාදීම අද සිට දින තුනක් පැය 24 පුරා එම එන්නත්කරණය සිදු කෙරෙන බවයි යුද හමුදාව සඳහන් කරන්නේ.
වයස අවුරුදු 30 ට වැඩි අය සදහා සයිනොෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව මෙන්ම ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම විහාරමහා දේවි උද්‍යානයේ දී අද දිනයේත් සිදු කෙරෙනවා.
එමෙන්ම අවුරුදු 60 ට වැඩි පිරිස් සඳහා ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ද ලබා දෙන බවයි යුද හමුදාව පවසන්නේ.
වේරහැර ලංකා යුද හමුදා පළමු වෛද්‍ය බලකා පරිශ්‍ර යේ දී ද එන්නත්කරණ වැඩසටහන යුද හමුදාවේ මෙහෙයවීමෙන් සිදු කෙරෙනවා.
වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් අද දවසේත් සිදු කෙරෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

