අනුරාධපුර මහවිලච්චිය රෝහලේ වෛද්‍යවරයෙකු රෝගීන්ට නිසිලෙස ප්‍රතිකාර නොකරන බවත්, රෝගීන්ට අමානුෂික ලෙස සලකන බවත් පවසමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රී ආර්. අනුර බණ්ඩාර මහතා අද (05දා) අලුයම 5.00 සිට මහවිලච්චිය ග්‍රාමීය රෝහලේ ජල ටැංකිය මත නැගී වෛද්‍යවරයා රෝහලෙන් ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත විය.
නොමනා හැසිරීම හේතුවෙන් ඔහු ඉවත්කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා රෝහල ඉදිරිපිට පිහිටි අඩි 60 ක් පමණ උස ජල ටැංකිය මත කළු පැහැති අමුඩයෙන් සැරසී විරෝධතා පුවරුවක්ද රැගෙන විරෝධතාවයේ නිරත විය.
අනුරාධපුර - බී.ජී. චතුරංග