අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
අද (03දා) පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ බව දැනුම් දී ඇති අග්‍රාමාත්‍යවරයා පක්ෂයේ වගකීම්,සාකච්ඡා අනුව නව කණ්ඩායමක් වෙත පවරා අවශ්‍ය පරිවර්තන සිදු කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර ඇත.
හෙතෙම සඳහන් කර ඇත්තේ පක්ෂය පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කර ඉදිරි පළාත් සභා මැතිවරණ හා අනෙකුත් මැතිවරණ සඳහා ඉතා ශක්තිමත්ව මුහුණදිය හැකි පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඒ අනුව පක්ෂයේ වගකීම් නව කණ්ඩායමක් වෙත අප්‍රේල් මස 30 දාට පෙර සිදුකිරීමට නියමිතය.