එජාප මන්ත්රීවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වන බව ඩිලාන් කියයි
ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට පැමිණ අලුත් අගමැති කෙනෙකු සමග අලුත් ආණ්ඩුවක් හැදෙන්නේ නම් ඒ සමග සිටගැනීමට එක්සත් ජාතික පෙරමුණේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්රීවරු පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින බව ඔවුන්ගේ කතාවලින් පැහැදිලි වන බව බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ හාලිඇල ඉඹුල්ගොඩදි ඊයේ (06දා) පැවැති ජනහමුවක් අමතමිනි.
තමා සඳහන් කළ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයා පසුගියදා අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂය ජන්දය දීමට සූදානමින් සිටියෙකු බවටද ඩිලාන් පෙරේරා මහතා මෙහිදී ඉඟියක් පළකළේය.
"ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් අයත් අපි වගේ එළියට ආවොත් අන්න එදාට ජනාධිපතිතුමාට පුථවන් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් අගමැති කෙනෙක් පත්කරන්න. එහෙම වුණොත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් එක්ක අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්." යැයි පැවසීය.
පාලිත ආරියවංශ

popular news
-
Wimal Monday, 08 October 2018 05:02 AM
Harin Fernando presdent kamata
Reply : 0 0
Ananda Monday, 08 October 2018 05:44 AM
සිහින ගෙනෙන කුමාරියේ මගේ ලොවට එන්න එපා, ඔඹ කැඳවා රවටා ගෙන නොයාන් සොඳුරියේ!!!!!
Reply : 0 0
ase Monday, 08 October 2018 12:03 PM
විකුර්ති මනසක් ඇති කෙනෙක්ගේ ද්වේශ සහගත ප්රකාශයක්
Reply : 0 0
Champa Monday, 08 October 2018 03:31 PM
මේ වගේ කතා අහලම ඔක්කාරේ දැන්.
Reply : 0 0
rocky Monday, 08 October 2018 03:42 PM
අනේ, යනවා මහත්තයෝ පච කෙලින්නේ නැතුව? ඔහෙලා වගේ වවුලෝ හැම තැනම ඉන්නවා කියල හිතුවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

