එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර ඇත.
මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කාර්ය සාධක බලකායේ නියමයන් ද පහත පරිදි සංශෝධනය කිරීමකට ලක් කර ඇති බවද අදාළ නව ගැසට් පත්‍රයේ දැක්වෙයි.
“එකම රටක්, එකම නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අදහස් හා මතයන් සැලකිල්ලට ගනිමින් එම සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඉතා සුදුසු සංකල්පීය රාමුවක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම යෝජනා කර තිබේ.

