එකම පීල්ලක දුම්රිය දෙකක් ධාවනය කරවයි
අනුරාධපුරය, ශ්රාවස්තිපුර දුම්රිය ස්ථාන ආසන්නයේදී අද (31දා) දිනයේදීද එකම දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ධාවනය වීම හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වැළකී තිබේ.
කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ දුම්රියක් හා තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (31දා) පෙරවරුවේ මෙලෙස එකම දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබිණි.
කෙසේ වෙතත් දුම්රිය නිලධාරීන් එක්ව මෙම අනතුර වළක්වා ගනු ලැබීය.
පසුගිය දිනකද මෙම දුම්රිය ස්ථානය අසලදී මෙවැනිම අනතුරුක් වැළැකුණු අතර, ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක්ද ක්රියාත්මක වෙයි.

popular news
-
Champa Friday, 31 August 2018 07:01 PM
ආපහු? දුම්රිය රියදුරෝ සෙල්ලම් කරනවද මිනිස්සුන්ගේ ජීවිත එක්ක? මං හිතන්නේ මේ ගොල්ලන් ගුටි පූජාවක් ඉල්ලනවා මගියන්ගෙන්. එතකොට ඒක පිටින් දාල වර්ජනය කරන්නද කොහෙද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

