පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
අද (28දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“අපි තීරණයකට එළැඹුනා අපි ගත්ත තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට. ඒ අනුව 2024 වර්ෂයේ අ.පො.ස.උසස් පෙළ විභාගය අපි කලින් තීරණය කළේ දින 03කින් කල් දැමීම සඳහා. අපි මේ විභාගය තවත් දින 03ක් පවත්වන්නේ නැහැ කියලා නිවේදනය කරනවා. ඒ අනුව මේ විභාගය දෙසැම්බර් 03 වැනිදා දක්වා අපි පවත්වන්නේ නැහැ.”