උප්පුවේලි වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ නාවික හමුදා සෙබෙලෙක්
උප්පුවේලි පොලිස් වසමේ කප්පල්තුරේ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට කප්පල්තුරේ හන්දිය දෙසට ධාවනය වූ කුලී ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ත්‍රීරෝද රථයෙන් බැස දුරකථන ඇමතුමක් ගනිමින් සිටින අතරතුරදී නාඳුනන තුවක්කුරුවෙකු විසින් එම පිරිසට වෙඩි තබා පලාගොස් ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර එක් තුවාලකරුවෙකු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
මරණකරු අවුරුදු 39 ක් වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකු වන අතර තුවාලකරුවන් අවුරුදු 28 හා 38 වයස්වල පසුවන ආනන්දකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුව වි ඇති බවට දැනට සිදු කල විමර්ශනයේ දී අනාවරණය වි ඇති අතර වෙඩි තැබීම සඳහා ටී 56 අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකකරනු ලබයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

