ඉන්න හිතෙන රටකට වෙන්න ඕන දේ පාඨලී කියයි
ශ්‍රී ලංකාව ඉන්න හිතෙන රටක් බවට පරිවර්ථනය වීමට නම් හොඳ ප්‍රවාහන පද්ධතියක්, හොඳ අපජල පද්ධතියක්, කැළි කසළ විධිමත්ව අපහරණය කරන තැනක්, ශිෂ්ඨ සම්පන්න ශීලාචාර මිනිසුන් සිටින තැනක් බවට පරිවර්ථනය කර ගත යුතු බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
ඔහු අදහස් පළකර සිටියේ රුපියල් මිලියන 10,000 කින් ඉදිකිරීමට නියමිත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි
“තව වසර දෙකහාමාරකින් ලෝකයේම තිබෙන නවීන ප්‍රවාහන මධ්‍යස්ථානයක් මහනුවර නගරයට හිමිවෙනවා. දුම්රිය, බස්රිය වගේම මෝටර් රථ, ත්‍රීවිල්, මෝටර් සයිකල් ඒ වගේම අනෙකුත් සියළුම පහසුකම් සහිත නවීන මධ්‍යස්ථානයක්, මිලියන දහ දාහක්, ලක්ෂ ලක්ෂයක් වියදම් කර අපි මහනුවරට ලබාදෙනවා.
මෙම ස්ථානයේ සිට ද්විත්ව දුම්රිය මාර්ගයක් කටුගස්තොටට ඒ වගේම මාතලේට අපට ඇති කරගන්න පුළුවන් නම් පේරාදෙණියේ සිට ඉතාම බරපතල ලෙස ඇතිවී තිබෙන ප්‍රවාහන තදබදයේ ප්රශ්නය අපට විසඳා ගන්න පුළුවන්.
මේ රට ඉන්න හිතෙන තැනක් බවට පරිවර්ථනය කරන්න නම් හොඳ ප්‍රවාහන පද්ධතියක්, මේ මහාවැසිවලට ඔරොත්තු දෙන හොඳ අපජල පද්ධතියක්, ඒ වගේම කැළි කසළ විදිමත්ව අපහරණය කරන තැනක්, ශිෂ්ඨ සම්පන්න ශීලාචාර මිනිසුන් සිටින තැනක් බවට මෙය පරිවර්ථනය කර ගත යුතුයි.”

popular news
-
Chandana Friday, 27 September 2019 07:51 PM
Great idea
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

