ඉදිරි මහ මැතිවරණවලදී භික්ෂූන් වහන්සේලාට අපේක්ෂකත්වය දෙන්න එපා
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී කිසිදු භික්ෂූන්වහන්සේ නමකට අපේක්ෂකත්වය ලබානොදෙන ලෙස ත්‍රෛනිකායට අයත් ජ්‍යෙෂ්ඨ භික්ෂූන්වහන්සේලා පිරිසක් දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමට තීරණය කර ඇතැයි 'අද' පුවත්පතට වාර්තාවෙයි.
මෙහි පළමු පියවර ලෙස අදාළ ඉල්ලීම පිළිබඳව මෙම ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පිරිස අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත මූලික දැනුම්දීමක් වශයෙන් දැනුම්දී ඇති බවද 'අද' පුවත්පතට වාර්තාවේ.
භික්ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන සභිකයන් ලෙස කටයුතු කිරීමෙන් බුද්ධශාසනයට හානියක් සිදුවනබවත්, භික්ෂූන් වහන්සේලා අනුශාසකයන් ලෙස කටයුතු කළ යුතු බැවින් මන්ත්‍රීධුර දැරීමෙන් එයට බාධාවක් වන බවත් එම ජ්‍යෙෂ්ඨ භික්ෂූන්වහන්සේලා පිරිස අගමැතිවරයට දැනුම්දී ඇත.
එසේම භික්ෂූන්වහන්සේලා අතීතයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ ලද අත්දැකීම් සහ සිදු වූ සිදුවීම් ආදිය විමසිල්ලට ගෙන ඉදිරියේදී කිසිදු භික්ෂූන්වහන්සේ නමකට මන්ත්‍රීධුර සඳහා අපේක්ෂකත්වය ලබානොදෙන ලෙසද උන්වහසේලා ඉල්ලීමක් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ භික්ෂූන්වහන්සේලා පිරිස සිදුකළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකරන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී එම භික්ෂූන් වහන්සේලාට දැනුම්දී ඇතැයිද වාර්තාවේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකයික භික්ෂූන් වන්සේලාගේ ඉල්ලීමක් ලෙස ජනාධිපතිවරයාට යොමුකිරීමට බලාපොරොත්තුවන බවද එම භික්ෂූන්වහන්සේලා පිරිස අගමැතිවරයාට දැනුම්දී ඇති බවටද වැඩිදුරටත් කරුණු අනාවරණය වේ.
එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ සම්බන්ධයෙන් සියලුම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීම් කිරීමට එම ජේෂ්ඨ භික්ෂුන්වහන්සේලා පිරිස බලාපොරොත්තුවන බවද වාර්තාවේ.

popular news
-
Lion Tuesday, 03 December 2019 10:20 AM
අනේ අපේ බුද්ද සාසනය විනාස කරන්න කහ සිඋරට ඉඩ දෙන්න එපා.
Reply : 0 0
Daham Tuesday, 03 December 2019 01:00 PM
එතකොට රතනට මොකද වෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

