ඇල්පිටිය මැතිවරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඇල්පිටිය ප්‍රදේශය තුළ පදිංචි පුද්ගලයින් දෙනෙකු විසින් පෙත්සම ගොනුකර තිබේ.
පෙත්සමේ උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් සිව්දෙනා සහ ඈල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා නම් කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවත් 2017 වසරේ කැඳවනු ලැබූ නාම යෝජනා පදනම් කරගෙන අදාළ මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවත් සඳහන් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

popular news
-
මුණසිංහ Tuesday, 17 September 2019 04:52 PM
මේක ස්තිරවම ආණ්ඩුව පැත්තෙන් කරපු වැඩක්. 2015 ආපු දා ඉදල මැතිවරණ නැවැත්තුවා. පළාත් පාලන මැතිවරණය බැරි වීමකින් තිබ්බා. ප්‍රතිඵල දැකල හොල්මන් වෙලා ඉන්නේ. ඡන්දයක් තියපු දවසට ආණ්ඩුවට තවත් ඡන්දෙ දෙන්නේ කවුද? කියල හිතන්නවත් බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

