ඇමති සංඛ්‍යාව ගැන විමසීමට එජාපය අධිකරණයට
උසාවි නිවාඩු කාලය අවසන් වූ පසු, කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව පිළිබඳව අධිකරණයෙන් විමසීමට බලාපොරොත්තු වන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
සිය අමාත්‍යාංශයේ අද වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් දැක්වීය.
“අපි අතර පොඩි මත ගැටුමක් තිබෙනවා. කැබිනට් එක 30කට සීමා වෙන්න ඕන කියන කරුණ සම්බන්ධයෙන්. මොකද මේක තනි රජයක්. සමහර වෙලාවට අපේ මත තිබුණා මුස්ලිම් කොංග්රසයත් එක්ක එකට වැඩ කරද්දී කලින් වගේ (ජාතික ආණ්ඩුවක්) තත්ත්වයක් කියලා.
එහෙම හිතලා අපි ඇමතිවරු ලැයිස්තුව ජනපතිට යැව්වාම එතුමාගේ සංකල්පය වුණේ ඇමතිවරු 28ක් විය යුතුයි ජනපති හා අගමැති අයින් කළ විට සඳහන් කළා. උසාවි නිවාඩු කාලය අවසන් වූ විට අපි ගන්නවා වාර්තාවක් අපිට කීදෙනෙක් ඇමතිවරු පත්කරන්න පුළුවන්ද කියලා. එවිට ප්‍රශ්ණය විසදේවි”
popular news
-
Lal Wednesday, 26 December 2018 07:50 PM
අයිසේ,නිකන් රට කන්න හදන්න එපා.ලංකාව වගේ පොඩි රටකට ඇමතිවරු විසිපාහක් හොදටම ප්‍රමානවත්.තමුසෙලා මේ රටට කරන අපරාධවලට හෙනගහානවා ඕයි.
Reply : 0 0
sg Wednesday, 26 December 2018 08:29 PM
මෙයාල දැන් හෙම්බිරිස්සවටැහැ යන්නේ අදිකරණයට හා හා හා
Reply : 0 7
Bandula. Thursday, 27 December 2018 10:04 AM
මේ මාස ගන්නත් ඔය තනතුරු බෙදාගන්නම කාලේ හරි යාවි නේද? අනේ ජනතාවට දෙවියන්ගේම පිහිටි, බස් ගාස්තු අඩු උන කීවට අදත් එහෙම දෙයක් නැහැ, රු:23 - 25 ම තම නරකද ඔය තණ්හාව පැත්තක තියල මේවා ගැන හොයල බැලුවොත්.
Reply : 0 44
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

