ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉන්දියාව විසින් උපකාරක පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකෙනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතාව, බලශක්ති සුරක්ෂිතාව හා විනිමය හුවමාරු පහසුකමක් මෙම පැකේජයට ඇතුළත් බව එම පුවත් සේවය වාර්තා කරයි.
මෙම ලැබෙන ණය පහසුකම හරහා ඉන්ධන, ඖෂධ හා ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඉන්දියාවෙන් ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙයි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසුව මෙම පැකේජය ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ඇතැයි ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්සේවය වාර්තා කරයි.