පුද්ගලික ආයතනයක සේවකයෙකුව සිටිමින් පරිඝණක දත්ත පද්ධතිය වෙත ව්යාජ තොරතුරු ඇතුලත් කර රුපියල් 59,656,496.84/= ක (පන්කෝටි අනූහය ලක්ෂ පනස්හයදහස් හාරසිය අනූහයයි ශත අසූහතරක්) මුදලක් ගිණූම් වලට ලබා ගෙන විශ්වාසය කඩ කර වංචා සහගත ලෙස සාපරාධී සාවද්ය පරිහරණය කිරීමක් සම්බන්ධව ලද පැමිණිල්ලක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය විමර්ශන අංශ (4) මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව 2026.10.30 වන දින උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මුදල් වංචාවට අදාල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 30 ක් වන මාලිගාවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.