අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු යැයි පවසන පුද්ගලයෙකු විසින් මෙහෙයවන ලද ජංගම ගණිකා මධ්‍යස්ථානයක් වටලා එම අරගල ක්‍රියාකාරිකයා, මෙන්ම සුරූපී කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි .
කොල්ල කෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මොරටුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු තවත් පුද්ගලයන් කිහිපදෙනකු සමඟ එක්ව සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ජාවාරමක් සිදුකරන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර අරගල ක්‍රියාකාරිකයා සමග දුරකථනයෙන් සම්බන්ධ වී තොරතුරු විමසීමෙන් අනතුරුව පැය 6ක පමණ කාලයකට කාන්තාවක් ඇසුරු කිරීම සඳහා ලබාදීමට රුපියල් 55000 ක් අය කරන බවට පවසා තිබූ අතර එයට පොලිස් උපාය දූතයා එකඟ වීමෙන් අනතුරුව සිතැඟි පරිදි කාන්තාවක් තෝරා ගැනීම සඳහා අඟුරුවාතොට රෙමුණ වැව අසලට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් අනුව පොලිස් නිලධාරීන් පිරිස වැව අසල රැකවල්ලා සිට ඇත.
ඒ අනුව මෝටර් දෙකකින් එම ස්ථානයට පැමිණ තිබූ සැකකරු ඇතුළු අනෙකුත් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
එක් මෝටර් රථයක්ම කුලී පදනම මත ලබා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ජාවාරම මෙහෙයවන ලද ප්‍රධාන සැකකරු මීට මාස තුනකට පමණ ඉහත දී තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ එක්ව රාත්‍රී කාලයට පමණක් විවෘත කර තිබෙන පැපිලියානේ සිල්ලර වෙළඳසැලක් හිමි ව්‍යාපාරිකයා වෙළඳසැල වසා නිවස කරා යාමට බස් නැවතුමේ සිටියදී ඔවුන් සන්තකයේ තිබූ මුදල් බෑගය කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූවෙක් බවත් පොලිසිය කියයි
සැකකරු ඊයේ අත්අඩංගුවට පත් වන අවස්ථාවේ දී මීට දින කිහිපයකට ඉහත දී ඔහු කිසියම් ගැටුමකට සම්බන්ධ වී දකුණු අතට සිදු සිදුවූ බරපතළ සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මැහුම් තිස් පහකට ආසන්න ප්‍රමාණයක් දමා තිබූ බව ඔහුගේ ප්‍රකාශයකින් ඒ බව පොලිසියට අනාවරණය වී තිබිණි
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 22 හා 39 අතර පසුවන කුරුණෑගල අම්පාර බණ්ඩාරවෙල හා බදුල්ල ප්‍රදේශවල පදිංචිකාරියක් බවත් පොලිසිය සඳහන් කරයි
සුරූපී කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරී සාමාජිකයා සිදුකළ පෙර වැරදි වෙනුවෙන් ඔහු වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ප්‍රබල නීති විශාරදයකු බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය
