අභ්යාසලාභීන් 2,819 දෙනෙකු තුන්වන ශ්රේණියේ හෙද නිලධාරී සේවයට
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ පවතින හෙද විදුහල්වල තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 2020 ශිෂ්ය හෙද කණ්ඩායමේ අභ්යාසලාභීන් 2,819 දෙනෙකු තුන්වන ශ්රේණියේ හෙද නිලධාරීන් ලෙස මෙරට සෞඛ්ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 01 වැනි ඉරිදා පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්රයේදී සිදු කිරීමට නියමිතය.
2019 සහ 2020 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විභාගයේ විද්යා හා ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිටි මෙම ශිෂ්ය හෙද කණ්ඩායම 2023 වර්ෂයේ අගෝස්තු මාසයේදී දිවයින පුරා පිහිටි හෙද විදුහල් 15ට ඇතුළත් ව වසර තුනක උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කර ඇත.
මෙලෙස පත්වීම් ලබන හෙද නිලධාරීන් දිවයින පුරා පිහිටි මධ්යම රජයේ සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය. මෙම බඳවා ගැනීම තුළින් රෝහල් හා සෞඛ්ය ආයතනවල හෙද සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජනතාවට ගුණාත්මක සෞඛ්ය සේවාවක් සැපයීම සඳහා අවශ්ය මානව සම්පත් සපුරාලීමටත් දායකත්වයක් සැලසෙනු ඇත.
මෙම පත්වීම් ලිපි ප්රදානයට සමගාමීව රෝහල් සේවයේ නිරත පළමු ශ්රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) 76 දෙනෙකු විශේෂ ශ්රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) ලෙස උසස් කිරීමට අදාළ උසස්වීම් ලිපි ප්රදානය කිරීම ද නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

