පොදුජන එක්සත් සන්ධානය නමින් සන්ධානයක් හෙට අනිද්දා ලියාපදිංචි කරන බවත් ඒ සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස පුටුව තෝරාගෙන ඇති බවත් මේ මැතිවරණයෙන් පසු එළඹෙන සෑම මැතිවරණයකදීම නව සන්ධානය පුටුව ලකුණින් තරග කරන බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
බදුල්ල සයිමන් පිරිස් අනුස්මරණ ශාලාවේදී අද (21) පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවසීය .
මෙම රැස්වීම අතමින් නිමල් සිරිපාලද සිල්වා මහතා මෙසේ පැවසීය ,
“අපි පොහොට්ටුවත් එක්ක පක්ෂ දෙක හැටියට ඒකාබද්ධ උනේ නැහැ . අපි ගත්ත තීන්දුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරවීමට එකතුවීම .
දෙපාර්ශයේම අනන්‍යතාව ඒ විදියට රැකගන්න පුළුවන් . පොදුජන පෙරමුණ විදියට ඒගොල්ල අනන්‍යතාව රැකගන්න ඕන . නමුත් ඉදිරි මැතිවරණ සදහා අපි අවබෝධතා 2ක් අත්සන් කළා . ඒ අවබෝධතා ගිවිසුමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රී වරුන්ගේ සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය සුරක්ෂිත වන විදියට තමයි අපි ඒවා අත්සන් කළේ .
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දිය යුතුයැයි මම පක්ෂය තුළ විශාල සටන් ගෙන ගියා .
මම එක අවස්ථාවයකදි කිව්වා පක්ෂයේ තින්දුව කුමක් වුවත් මං ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සහයෝගය දෙනවා කියලා .
මේ සටනේදි අපට තනතුරු තානාන්තර මනාප නොවෙයි අවශ්‍ය වන්නේ . මේ රට මේ අගාදයෙන් ගොඩගැනීම සදහා ශක්තිමත් නායකයෙක් පත්කරගැනීම යැයිද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය .
ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණෙ සාමාජිකත්වය මෙතෙක් නොගෙන ඇති බව සදහන් කළ හෙතෙම එ නිසා පොදුජන පෙරමුණ වරදක් කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරදක් කළත් වෙනත් කණ්ඩායමක් වරදක් කළත් වැරැද්ද වැරැද්ද යැයි කියන්න එතුමාට හැකි බවත් නිර්දේශපාලනය කරන්න ඕන . එවැනි දේශපාලනඥයන් එන්න ඕන කියන අයට මෙතුමා කේන්ද්රස්ථව කරන වැඩපිළිවෙල පිළිබදව විශ්වාසය තැබිය හැකි බවත්” ඔහු පැවසීය .
බදුල්ල - පාලිත ආරියවංශ
