අපි නිතරම පිටරට යනවා කියලා දොස් කියනවා - ජනපති
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් බොහෝ අවස්ථාවලදි විදෙස් සංචාර සඳහා එක්වෙන බවට සමාජය තුළ මතයක් පවතී. මේ පිළිබඳව ඊයේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති උත්සවයකදී ජනපතිවරයා සිය අදහස් ප්‍රකාශ කළේය.
“සමහර වෙලාවට අපිට දොස් කියනවානේ අපි නිතරම පිටරට යනවා කියලා. නමුත් ඉස්සර අය පිටරට ගියපු විදියට නෙවෙයිනේ මම යන්නේ. මම යන්නේ සාමාන්‍ය මගී ගුවන් යානයක. මම සීෂෙලස් ගියෙත් ශ්‍රී ලංකන් ගුවන් යානයක. සාමාන්‍ය මගියෙකුගේ ප්‍රවේශ පත්රයකට යන ගාන තමයි එහිදී වියදම් වෙන්නේ. රටකට ගියාම බොහෝ දේ අපි අරගෙන එනවා. ගිවිසුම් අත්සන් කරනවා. බොහෝ දේවල් ඉගෙන ගන්නවා. දකිනවා.”
මේ අතර වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳවද ජනපතිවරයා සිය අදහස් ප්‍රකාශ කළේය.
“අද තිබෙන ආර්ථික අර්බුදය ද ලෝකයේ අපිට විතරක් සිමා වුණ දෙයක් නොවෙයි. අසල්වැසි ඉන්දියාවේ තත්වය හොයලා බලන්න, ඉන්දියාවේ ආදායම් වියදම් තත්ත්වය තියෙන්නේ කොතැනද කියලා බලන්න. ඩොලරයේ නැගීම විශාල අභියෝගයක් ඒ රටටත්. ලෝකය වරින් වර වෙනස් කරන්න ලෝකයේ බලවත් රාජ්‍ය නායකයින්ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු අපි වගේ රටවලට බලපානවා.
මේ ලෝක බලවතුන්ගේ ආර්ථික යුද්ධය අපි වගේම පුංචි රටවල්වලට හුගාක් රිදෙන්න පටන් අරගෙන තියෙනවා.
ආර්ථික විද්‍යාඥයෝ හොදින් දන්නවා චීනය සහ ඇමෙරිකාවේ සීතල යුද්ධය නිසා තමයිඅපි වගේම පුංචි රටවල්වලට ඔලූව ඔස්සන්න බැරි තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ අර්බුදය අතරට රටේ දූෂණය, වංචාව ඉහ වහා ගියහම මොනවද විය නොහැක්කේ.
අපි මේ කතා කරන ආර්ථික අර්බුදය පිළිබද අද පාසල් දරුවෝ පවා දැනුවත්. විශේෂයෙන් අපගේ විදේශ සංචිත ප්‍රමාණය පහත වැටීමේ ප්‍රශ්නයත් එක්ක තමයි මේ ප්‍රශ්න එන්නේ.
අද අපි සරුංගලයත් පිටරටින් ගේන ජාතියක්නේ. අපි මහා සංස්කෘතිකයක හිමිකරුවෝ, අද ලෝකයේ මහා සංවර්ධනයක් තිබෙන රටවල්වලට කළින් අවුරුදු දහස් ගණනකට දියුණුවසිටි රටක් අපි.
නමුත් අද ගෝල්ෆේස් ගියාම සරුංගල් තරඟ තියෙනවා. ඔබ දැකලා ඇති. චීනෙන් ගේන සරුංගල් තමයි අපි අරින්නේ. ඉතින් රුපියලයි ඩොලර් එකයි ගැන අපි මොනවද කතා කරන්නේ.
දේශපාලන වාසි තකා නොයෙක් අය නොයෙක් විදියට විග්රහ කරනවා. මේ පාලකයින්ට බැරි වුණාට අපිට පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒ බැරි පුළුවන්කම් ලෝකයේ අනෙක් රට වලින් අපිට පේනවා. මම ජාත්‍යන්තර සමුළුවලට ගිහින් රාජ්‍ය නායකයෝ හමුවුණාම තේ බිබී පැය ගණන් අපි නිල නොවන බොහෝ සුහද සාකච්ඡාවලට එක්වෙනවා. පෞද්ගලික බොහෝ කාරණා කතාකරනවා. නායකයෝ අපෙන් අහනවා. අපේ රටේ මෙහෙම ප්‍රශ්න තියෙනවා. ඔබේ රටේ කොහොමද කියලා.
අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් පිටරටින් ගෙනල්ලා අනිත් ඒවා ටික නැවැත්තුවොත් මේ ඩොලර් එකේ ප්‍රශ්නයට මුහුණ දෙන්න බොහොම පහසුවෙන් පුළුවන්. විසඳුම් නැතිව නෙවෙයි. නමුත් ඒ විසඳුම් වලට සෑම කෙනෙකුගේම සාමූහික වගකීම සහ යුතුකම් ඉටු වෙන්න ඕනෑ. ඒ නිසියි මම කිව්වේ සරුංගලෙත් ගේන රටක ඩොලරය ගැන කුමන කතාද. අපේ හෙට දවස ගැන කුමන කතාද.”

popular news
-
කෝලිත Sunday, 14 October 2018 10:38 PM
අන්න ලබන මාසෙ ඉදල ඉරානෙට තේ විකුනන්න බැරිලු ...අඩුමගානෙ යන එන ගුබිබෑයමකට තේ කිලෝ දහය ගානෙවත් විකුනන්න කතාකරගත්තද...?
Reply : 1 1
sg Sunday, 14 October 2018 11:20 PM
ලිබෙරල් ආර්ථිකය අපිට හරි යන්නේ නැත
Reply : 1 1
Walpita Monday, 15 October 2018 01:16 AM
අනේ මේවගේ පච කෙලින ජනදිපතිකෙනෙක් මගේ ජීවිතේ ට දැකල නෑ.ඔබතුමා හැමදාම පහුගිය ආණ්ඩුව එක්ක හැම දෙයක්ම සන්සන්දනය කරලා කතා කරනවා නමුත් ඔබතුමා පහුගිය අඋරුදු තුනහමාර දිහා ආපහු හැරිලා බලන්න ඔබතුමා කරලා තියෙන්නේ හාමුදුරුවරු හිරේ දාපු එක රණවිරුවෝ හිරේ දාපු එක රටෙන් බාගයක් දෙමළට දීපු එක හා ආර්ථිකය කාබාසිනියා කරපු එක හැර went මොනවද?ඔබතුමාගේ වැඩ දිහා බලපුවාම මට සැකයක් හිතනවා ඇත්තටම ඔබතුමා රටේ ජනාදිපතිද කියලා.
Reply : 2 16
sri Monday, 15 October 2018 11:15 AM
අපේ හැගීම කොහොමටත් රට සවාරි එපා යන්නය්. මොකද මේවා මහජන මුදල් නාස්ති කිරීමක් .ප්‍රයෝජනයක් නැහැ. රටේ ජනතාව අමාරුවෙන් උපයන මුදල් බදු ගන්නේ.
Reply : 0 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

