අපට අවශ්‍ය ජයග්‍රහණයක් නොව විජයග්රහණයක් - රවී
අපේ පක්ෂය කළ වැදගත්ම දේ රටෙන් ගිලහී යමින් තිබුණ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර, රට හරි මගට ගෙනැවිත්, එක් ප්‍රදේශයකට, දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය රටේ සෑම කොනකටම සමසේ ව්‍යාප්ත කරන්නට හැකි විම බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (30) සිරිකොත මන්දීරයේදී පැවති එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සහ දිස්ත්‍රික් කලමණාකරුවන්ගේ හමුවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
"අද එ.ජා.ප.යට සතුටු විය හැකියි. අද පක්ෂයක් හැටියට අපි සියලු දෙනාටම අත්වැල් බැඳගෙන කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල පිරිස් බලාගෙන හිටියේ පක්ෂයේ කැඩී බිදී යාමක්. අපේක්ෂකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉදිරිපත් වෙයි කියලා තමයි ඔවුන් සිතාගෙන සිටියේ. නමුත් අපේ නායකතුමා ඇතුළු පක්ෂයේ නියෝජිතයන්ට ඒකරාශිවෙලා ඒ හැගීම නිෂ්ප්රභා කරන්න හැකිවුණා. කොතරම් අභියෝග තිබුණත්, හරි වෙලාවට එකතු වෙලා ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම තමයි අපේ පක්ෂයේ තිබෙන ලොකුම ශක්තිය.
අපට දැන් තියෙන්නේ කතාව නෙමෙයි. වැඩ කිරීමයි. අපේ පක්ෂය බෙදී සිටිය අවස්ථාවල අපි පරාජය වුණා. එකට වැඩකළ අවස්ථා වල අපිට විශිෂ්ඨ ජයක් ලැබුණා. ඒ නිසා දැන් අපි කටයුතු කළ යුත්තේ ජනතාව අතරට ගොස් විශිෂ්ඨ ජයක් ලබාගැනීමයි. අපි හිතන්න හොඳ නැහැ අපි ජයග්‍රහණය කළා කියලා. අපට අවශ්‍ය වන්නේ ජයග්‍රහණයක් නොවෙයි, විජයග්රහණයක්. ඒ වෙනුවෙන් අපි ගෙයින් ගෙට ගොස්, ජනතාව හමුවිය යුතුයි.
අපට සිටින්නේ ඡන්ද දායකයෝ ලක්ෂ 162 ක්. ඒකෙන් 78% ක් සාමාන්‍ය වශයෙන් ඡන්දය දානවනම්, අපට ලබාගන්න තියෙන්නේ ලක්ෂ 65ක ඡන්ද ප්‍රමාණයක්. ඒ වෙනුවෙන් අපි ලොකු කැපවීමක් කළ යුතුයි. ඔක්තෝබර් 03 දා පක්ෂ සම්මේලනයෙන් පසුව ඔක්තෝබර් 10 දා අපේ දැවැන්තම රැස්වීම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපි විජයග්‍රහණයේ ගමන ආරම්භ කරනවා" යැයි පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
චමින්ද Wednesday, 02 October 2019 06:53 AM
අපේ විශ්වාසයක් තිබුනා සජිත් බලෙන් අපේක්ෂකත්වයට පත්වුනොත් රනිල් ජයග්‍රහනයට අකුල් හෙලාවි කියල.එය තහවුරු කරමින් මෙතෙක් එක්සත් ජාතික පක්ෂයට පක්ෂව කටයුුතු කල රනිල්ගේ අයියාගෙ රූපවාහිණිය දින කීපයක සිට ප්රවෘත්ති කියනවිට පොහොට්ටුව පුම්ඹමින් කටයුතු කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

