අද සත්‍ය ජයගගෙන තිබෙනවා
වත්මන් ආණ්ඩුව යටතේ පවරා ඇති නඩු රාශියක් දේශපාලන කොණයෙන් දමා ඇති දේශපාලන පළිගැනීම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
තමන්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩු හතරකින් නිදහස්වීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව අද (19දා) ප්‍රකාශ කළේය.
“මේ දාන නඩු දේශපාලන කෝණයෙන් බලන දේශපාලන පළිගැනීම්. අපි පැහැදිලිවම කිව්වා. අපිට මඩ ගැහුවා පහර දුන්නා. අද සත්‍ය ජයග්‍රහණය කරලා තිබෙනවා.
අපි එදා කියන දේමයි කියන්නේ මේ දාන නඩු බහුතරයක් සම්පූර්ණයෙන්ම දේශපාලන වශයෙන් බලලා කරන්නේ. අද සාධාරණය ඉටු වෙලා තිබෙනවා.
මේ ස්වාධීනයි කියන කොමිෂන් සභා ස්වාධීන නෑ. ඒවා දේශපාලන අතකොලු. ඒවා රනිල් වික්‍රමසිංහ මහතාගේ අතකොලු බවට පත්ව තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ සිට”

-
rocky Wednesday, 20 March 2019 02:12 PM
ඔබ වගේ මිනිස්සු සත්‍යය කියන්නේ අසත්‍යයට!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
